25 April, 2024

Blog

සිංහ ධේනුවක් සහ නරියෙක්!

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

ගලගොඩඅත්තේ ඥානසාර නමින් පෙනී සිටින පුද්ගලයා සිවුර පොරවාගෙන සිටින රස්තියාදුකාර මැරයෙකුද, ඇත්තම බෞද්ධ භික්ෂුවකද යන්න ගැන බෞද්ධ දර්ශනය ගැන අබමල් රේණුවක හෝ දැනුමක් සහ අවබෝධයක් ඇති අයෙකුට අමුතුවෙවන් පැහැදිලි කරන්නට අවශ්‍ය නැත. මේ ප්‍රශ්නය උප්පැන්නසහතිකයේ නාමයෙන් පමණක් ‘සිංහල-බෞද්ධ’ නමැති බුද්ධාගමේ අමුතුම විකාරයක් පටවාගෙන සිටින අයගෙන් ඇසීම නිශ්ඵල වන්නේ “ඥානසාර හරි වුණත් වැරදි වුණත් (මිනී මරලා හරි) බුද්ධ ශාසනයක්, සිංහලකමත් බේරාගන්න නම් ඒ වගේ අයත් ඉන්න ඕන” යන තර්කය යළි යළිත් ඔවුන් ඇදබාන්නට ඉඩ ඇති බව හූනා කිවුවා මෙන් කිව හැකි හෙයිනි. 

බුදුන්වහන්සේ දේශනා කළ වදාළ දහමේ පරම නිෂ්ඨාව සංසාරයෙන් එතෙර වීම මිස දේවල් ආරක්ෂා කිරීම වෙනුවෙන් ධර්මය මුරබල්ලෙකු සේ යොදා ගැනීම නොවන බවත්, බුද්ධාගම යනු වාර්ගික බෙදීම් පවත්වාගෙන යන කපටි භාවිතයක් නොවන නිසා ‘සිංහල-බෞද්ධ’ යනුම හිතින් මවාගත් මිථ්‍යාවක් බවත් මේ දැන් උන්වහන්සේම ප්‍රකාශ කළද මහාමායා දේවියගේත් අම්මාට නමෝවිත්තියෙන්ම අහගන්නට වෙන බවද අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. තවමත් සිංහ ලේ ස්ටිකර් තම වාහනවල අලවාගෙන ඥානසාරලාගේ ඇම ගිලින නූගත් මිනිස්-මාළුවන්ට අපට කියන්නට ඇත්තේ ඥානසාරලා කියන පරිදි “බුද්ධාගම කෙළවන්නට හම්බයන්” හෝ “කොටියන්” අවශ්‍ය නැති බවයි. ඒ ටික මේ අයම ගජරාමෙට කරගෙන යන බව මීට පෙරද අප පුනපුනා ලියා ඇත. 

සන්ධ්‍යා එක්නැලිගොඩ ගැන නොදන්නා කෙනෙකු නැත. ඥානසාරගේ නම මෙන්ම ඇගේ නමත් ප්‍රසිද්ධ වුවද ඈ ප්‍රසිද්ධ වන්නේ මිනී මරන්නට උඩගෙඩි දීම, වාර්ගික හිංසනය සහ ම්ලේච්ඡත්වය පැතිරවීම, තමන්ගේ නිවට අනුගාමිකයන් ලවා මිනිසුන් දඩයම් කොට තමන් නටවන දේශපාලඥයන් කා ඉතිරි කරන කටු ලෙවකෑමේ අස්වාභාවික පෙරේතකම වැනි ගෝත්‍රික කාරණා එකක්වත් නිසා නොවේ. මෑත ඉතිහාසයේ බිහි වූ දුෂ්ටතම හා ම්ලේච්ඡතම රෙජීමය තුළ අතුරුදන් වූ තම සැමියා වෙනුවෙන් අනේකවිධ තාඩන පීඩන, අපහාස, තර්ජන සහ බාධා කිරීම් මධ්‍යයේ නොසැලී යුක්තිය ඉල්ලා සිටීම වෙනුවෙනි. ඒ වෙනුවෙන් ඈට තිබෙන ආත්ම ශක්තියෙන් අංශු මාත්‍රයක්වත් ඥානසාරලා වැනි පෞරුෂ බෙලහීනයන්ට තිබුණා නම් යුක්තියේ රන් දෙවොල යැයි කියන අධිකරණ පරිශ්‍රයක් තුළ ඈට අපහාස කරමින් ‘ගොන්පාට්’ කෙළින්නේ නැත. 

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමට අදාළ නඩු විභාගය පැවැත්වෙන හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී බලහත්කාරයෙන් කඩා වැදී සන්ධ්‍යාට තර්ජනය සහ අපහාස කළ ඥානසාර නමැති රස්තියාදුකාර සාධු එම වරදට වැරදිකරු බවත්, ඉදිරියේදී දඬුවම් නියම වීමට නියමිතව ඇති බවත් දැනගන්නට ලැබීම අවම සතුටක් හෝ දනවන්නේ දඬුවම කුමක් වුවද අඩුම තරමින් යුක්තිය සක්‍රිය වී ඇති හෙයිනි. කෙසේ වෙතත්, ඥානසාර ප්‍රසිද්ධියේ නීති කඩ කළ, සාපරාධී ලෙස හැසිරුණ හා දරුණු සංහාරයන් සඳහා ජනතාව කුපිත කළ පළමු හා එකම අවස්ථාව මෙය නොවේ. මීට පෙර හා පසුද බොහෝ අවස්ථාවල වාර්ගික සංහාරයක් ඇති කිරීමේ කූඨ අරමුණින් ක්‍රියා කළ ම්ලේච්ඡ චරිත ස්වභාවයක් ඔහුට ඇති බව අපි දනිමු. එහෙත්, ඥානසාරලා වැනි රස්තියාදුකාරයන්, මැරයන් සහ අපරාධකාරයන් ඉදිරියේ පොලීසියේ මහත්තුරු පවා ‘ඤාව්’ කියන්නේ ඇයි? සන්ධ්‍යාට බැනවැදී අපහාස කිරීමේ සිද්ධියට දඬුවම් නියම වුවද තවදුරටත් නොවිසඳී පවතින, ඉදිරියටත් විසඳෙතැයි අපේක්ෂා කළ හැකි සලකුණු කිසිවක් නොපෙනෙන උභතෝකෝටිකය මෙයයි. සමහරවිට ලංකාව ලෞකික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිගන්නා බහුත්වවාදී පාලන තන්ත්‍රයක් බවට පත් වන තුරුම ඥානසාරලා වැනි ජෝකර්ලා රේස් එක දුවනු ඇත. 

මේ නිසා, නොනවත්වාම යුක්තිය වෙනුවෙන් පෙනී සිටිමින් තමන් පමණක් නොව අන් අය වෙනුවෙන්ද අරගල කරන මේ ගැහැණියට ධෛර්යය පතන අතරම අප කණගාටු විය යුත්තේ මේවා ඥානසාරලාට නම් නිකම් ‘සූපින්’ තීන්දු පමණක් වන හෙයිනි. අධිකරණය කුමක් කීවද තවදුරටත් ම්ලේච්ඡත්වය පතුරුවමින් ඬෙඟා නටන්නට ඉදිරියටත් ඉඩකඩ ඇති බව ඔවුහු දනිති. ම්ලේච්ඡත්වයෙන් සදාචාරවත් රාජ්‍යයක් බවට පරිවර්තනය වීමට අවශ්‍ය වූ බහුතරය විසින් පත්කර ගන්නා ලද නමට යහපාලන ආණ්ඩුව පවා අක්කා පෙන්නා නංගිවත් නොදෙන පසුබිමක එක අතකින් ඔන්නොහේ ඉස්සරහට රාජපක්ෂලාටම රට දී මෙවැනි මැරයන්ගේ ගඳගහන විගඩම්ම බලාගෙන ඉමු’යි කියන්නට හිතෙන්නේ එහෙයිනි. 

කෙසේ වෙතත්, සන්ධ්‍යක්කේ ඔබට ජය! ඔබට දිගින් දිගටම සුභ පතන්නට හේතු මගේ ‘ද්‍රෝහීන් ඕනෑ කර තිබේ’ කවි පොතේ පැහැදිලි කර ඇති බව ඔබ දනියි!

ආදරණීය යස්සණී 2

හඳ චිමිනියේ දැලි බැඳුණු
මේ අමුතු රාත්‍රිය
එන්න එන්නම අන්ධකාරයි

ඇතුළෙ සාලේ නාලිකාවල
පුරුදු උලමුන්ගෙ හඬ
වෙනදටත් වැඩි මූසලයි

නිරුදක කාන්තාරෙක
මංමුළා වූ අයට
මග කියන බව කීව
තාරුකා ඉන්නෙත් බීගත්,
කවියන්ගෙ පොත්වල විතරමයි

මිනී මස් තළුමරන
තොල්බරි යකුන් හිස්
සී සී කඩ නොපළාපු
උල්කා වුණත්
නිය තුඩින් ඇන නසන
යස්සනියො බිහි වෙන්නෙ ඒකයි

ඔරායන්ගේ බඳ පටිය කොන
‘සීරියස්’ තරුව බඳු
සන්ධ්‍යක්කගේ හීනත්
හරිම මාරයි

(ද්‍රෝහීන් ඕනෑ කර තිබේ)

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    2

    නරිදෙනක් හා තනි සිංහයෙක්
    අනුමත නොකෙරුවත්-කට ඇති පුතෙක්
    ඔබට වල්ගෙ පෑගී ඇති සෙයක්
    ඇය සිහ දෙනක් කල ඔබ …..ක්
    .
    මළ කඳක් නොදුටුව මරණයක්
    ලේ බිඳක් හෝ නැත වෙඩි හඬක්
    කළ කෙනෙක්වත් නැත දුටු කෙනෙක්
    මළමිනිය පැන ගොස් ඇති හැඩක්
    .
    වෙබ් වලට ලිව්වලු, මහ හඬක්
    හැබැයි පල වුනේ නම් එක දෙකක්
    ඔහු පෑන අවභාවිතා කෙරුවේ
    වහ ගන්න වෙන හොර වැඩක්
    .
    හොර පාස්පෝට් හැදු අලි හොරෙක්
    හොර ඩොකියුමන්ට්ස් වලට නමගිය කෙනෙක්
    පිටකොටුවෙ සහ තව රට පුරා
    ඇයම කිව්ව, තිබුනලු හොර ඔෆිස්
    .
    උතුරු සරණාගත කඳවුරේ
    දනන් තුඩ රැව් දුන් නමක්
    මිනිස් ජාවාරම් කරන්නට
    කොටි සමඟ ප්ලග් වූ හොරෙක්
    .
    මඩ-කලපුවේ ත්‍රිකුණාමලේ
    ඉඩම්කඩම් ඇත වටිනා ගොඩක්
    ඔහු මුදල් ඉපැයූ හැටි සොයන්නත්
    දැමිය යුතු කොමිෂන් එකක්
    .
    ලිෆ්ට් එකක් දෙනවලු යාළුවෙක්
    හැමදාම එහෙමලු-හැර එක දිනක්
    එක්ක යනව කිව්වලු වෙන කෙනෙක්
    හරියටම පසුදින “අතුරුදන්”
    .
    කොටි පෙරෝල් එක හරි දිග පොතක්
    සිහල ඔත්තුකරුවොත් හිටි තැනක්
    රට පාවා දුන්නොත් හොඳ මිලක්
    අන්තිමට – සරණාගත රටක්
    .
    මෑන් – බෙල්ජියමෙ ඉන්නා බවක්
    මුලින් කිව්වෙ ජේවීපී පොරක්
    පස්සෙ දවසක ප්‍රංශෙ ගෙදරක
    අඳුර ගත්තලු තව කෙනෙක්
    .
    මේ ඔහුම සැලසුම් කල දෙයක්
    සහ ඇයද දැනුවත්වූ බවක්
    හැබැයි, හැපී හැපී බිම පෙරලෙමින්
    මෑ, කියයි හමුදාවේ වැඩක්
    .
    සදාචාරය අතින් බැලුවොත්
    බැනපු කට නම් හරි ලවුඩ්
    නැහැ කියන්නට වෙනත් විදියක්
    රට – පාව දුන්නම නරි දෙනක්
    .
    මව්බිමට එරෙහිව ජිනීවා ගොස්
    කිව්ව ඈ මහ බොරු ගොඩක්
    ජාතිද්‍රෝහී ඇයට හිමි
    දඬුවම කියන්නට නෑ ඉඩක්!

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

  • 2
    2

    What I heard, three Tele Evangelist NGOs are always with this woman. What do they want, to write the progress report, so they can get money for the next year. Definitely they have targetted bhikkus because it is easy to abuse them.

  • 2
    2

    Ashan Weerasinghe: YOu are young guy do not take this personal. Journalsits write all these extremist crap. IF some one beat them, then comes roar – the attacks on journalists. but they do not stop their unjust attacks.

  • 2
    1

    Ashan Weerasinghe: what do you say Bhikkus do not have freedom of expression. There can not be assertive bhikkus and they can not talk about what is happening to their country, to the nation or the religion. that hurts protestants or CIA wants to make the bhikkus SHUT UP and expansion of Evangelism in Sri lanka becasue Tele evangelists are well established.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.